Thursday, January 15, 2026
Follow Us
අද මධ්‍යම රාත්‍රී සිට වෙනස් වන ලිට්‍රෝ ගෑස් මිල

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.


ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,005කින් අඩු කර ඇති බව වාර්තා වෙයි.

කිලෝ ග්‍රෑම් 5ක ගෘහස්ත 402කින් සහ කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් 183කින් මිල අඩුකිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 3,728ක් වේ.


කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් නව මිල රු 1,502ක් වේ.


කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරය රු 700 දක්වා මිල වෙනස් වී තිබේ.