Thursday, January 15, 2026
Follow Us
රන් මිල ඉහළට

මෙරට රන් මිල යළිත් වරක් ඉහළගොස් තිබේ.

 හෙට්ටිවීදිය රත්‍රන් ව්‍යාපාරිකයින් පවසන්නේ එය රන් මිල අද (31) දිනයේ රුපියල් 2000කින් පමණ ඉහළගොස් ඇති බවය.

 ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ සටහන්ව ඇත්තේ රුපියල් 165,600ක් ලෙසටය.

 එසේම හෙට්ටිවීදිය රත්‍රන් ව්‍යාපාරිකයින් කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ සටහන්ව ඇත්තේ රුපියල් 180,000ක් ලෙසටයි.

 මේ අතර ලෝක වෙළෙඳපොළේ රන්මිල ද මේ වනවිට ඩොලර් 25ක අගයකින් ඉහළගොස් ඇත.

 ලෝක වෙළෙඳපොළේ රන් මිල ඊයේ (30) දිනයේ සටහන් ව තිබුණේ ඩොලර් 1983ක් ලෙසයි.

 මාර්තු මාසය වනවිට මෙරට රන්මිල සීඝ්‍රයෙන් පහළගිය අතර මාර්තු මස 09 වනදා මෙරට රන්මිල සටහන් වුයේ කැරට් 22 රන් පවුමක් 134ක් සහ කැරට් 24 රන් පවුමක් 145,000ක් යන මිල ගණන් වලටය.

ARUNA