Saturday, April 25, 2026
Follow Us
කිරි තේ මිල හෙට සිට වෙනස් වෙයි

හෙට (27) සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 90ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, කිරිපිටි මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත ලබාදීම සඳහා එම සහනය ලබා දුන් බවය.

ඒ අනුව මෙතෙක් රුපියල් 100ට පැවති කිරි තේ කෝප්පයක් හෙට සිට රුපියල් 10ක් අඩුවෙන් පාරිභෝගිකයන්ට ලබාගත හැකිය.

මේ අතර හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ බව කිරිපිටි ආනයනකරුවන් පසුගිය දා පැවසීය.

Aruna