Thursday, January 15, 2026
Follow Us
අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප්

අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ඇතුළු දීමනා අප්‍රේල් මස 10 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම ඔහු පැවසුවේ සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් සාම්ප්‍රදායිකව සිදුකරනු ලබන එම ගෙවීම් නියමිත පරිදි සිදුකිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවය.