Friday, April 26, 2024
Follow Us
ආනයන සීමා ලිහිල් කරන්නේ නම් එය ගැඹුරින් සොයා බැලිය යුතුයි - මුදල් රාජ්‍ය ඇමැති

ආනයන සීමා ලිහිල් කිරීම සිදුකරන්නේ නම් එය ගැඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදු කල යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වල එම ආනයන සීමාවන් ලිහිල් කරන්නේ නම් එය වඩාත් ගෑඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුයේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ ඖෂධ, ආහාර , පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩ වල හා සේවා වල මිල ගණන් ඉදිරියේදී ක්‍රමයෙන් පහළ යා යුතු බවයි.

එසේම අපනයනය සඳහා රුපියල් ශක්තිමත් වීම මේ මොහොතේ යම් බලපෑමක් එල්ල කළද , එය තාවකාලික තත්ත්වයක් බවද අමාත්‍යවරයා පැවසීය.අපනයන භාණ්ඩ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හා යෙදවුම් වල මිල ගණන්ද අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එම අපනයන භාණ්ඩ වලට සෘණාත්මක බලපෑමක් ඇති නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.