Friday, April 26, 2024
Follow Us
QR ක්‍රමවේදය වෙනස් කිරීමෙන් රු. ලක්ෂ 300ක ඉතිරියක්

ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය මගින් ඉන්ධන ලබා දීම සතිපතා යාවත්කාලීන කිරීම ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය බවට පරිවර්තනය කිරීම මගින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට මාසිකව රුපියල් ලක්ෂ 300ක පමණ වියදමක් අඩු කිරීමට හැකි වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළ අතර එහි දැක්වෙන්නේ  කොලොන්නාව, මුතුරාජවෙල සහ ප්‍රාදේශීය ඩිපෝ 11ක සෘජු වියදම් ලෙස වූ රුපියල් ලක්ෂ 195ක් සහ විදුලිය, ජලය, සන්නිවේදන, පිරිසිදු කිරීම ඇතුළු වක්‍ර වියදම් රුපියල් ලක්ෂ 100ක් වන මාසිකව වූ වියදම් පාලනය වනු ඇති බවයි.