Thursday, January 15, 2026
Follow Us
ලංකා ලුණු සමාගමේ ලාභාංශය මහා භාණ්ඩාගාරයට දෙයි

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා ලුණු සමාගමේ 2022 වර්ෂයේ ලාභාංශ මුදල වූ රුපියල් මිලයන 20ක මුදල ඊයේ ( 09) මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර මහතා වෙත‍‍‍‍‍ ප්‍රදානය කිරීම සිදු විය.

ලංකා ලුණු සමාගමේ ලුණු ලේවායන් මන්නාරම සහ අලිමංකඩ ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර මෙම වසරේදී ලුණු ටොන් 35,000 ක ප්‍රමාණයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙමගින් රුපියල් මිලයන 200 ක පමණ ලාභයක් ලබා ගැනීමට එම සමාගම බලාපොරොත්තු වේ.

මෙම වසරේ ජනවාරි මස ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික ලාභය වූ රුපියල් මිලියන 25 ක් මුදලක් ද මහා භාණ්ඩාගාරය වෙත ලබා දීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ ලංකා ලුණු සමාගමේ සභාපති අනුර බණ්ඩාර යන මහත්වරු සහභාගි වූහ.