Thursday, April 25, 2024
Follow Us
කොටස් වෙළෙඳ පොළෙහි සුවිශේෂි වෙනසක්

අද (07) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් වාර්තාවී ඇත.

ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ ගොස් තිබේ.

 එය ඒකක 9,642.94 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 30.96 කින් ඉහළ ගොස් ඒකක 2,869.14 ක් ලෙසින් වාර්තා වී ඇත.

 රුපියල් බිලියන 3.43 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තාවූ බවද වැඩිදුරටත් සඳහන වේ.