Friday, August 07, 2026
Follow Us
රාජ්‍ය ආයතන කිහිපයක් කෝප් කමිටුවට
මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
 
හෙට (07) දිනය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ඊට අමතරව හෙට දිනයේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් ද කැඳවා ඇති බව වාර්තා වේ.
 
අනිද්දා දිනයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර මාර්තු 09 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුවට කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.