Friday, April 19, 2024
Follow Us
හම්බන්තොට වී මිලදී ගැනීම ඇරඹේ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ , ලුනුගම්වෙහෙර ප්‍ර්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ, බෙරලිහෙල ප්‍ර්‍රදේශයේදී  වී මිලදී ගැනීම ආරම්භ කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්  එච්.පී.සුමනසේකර මහතා පවසයි.

රාජ්‍ය නිලධාරීන් ගේ  අධීක්ෂණය යටතේ ඒ සඳහා කටයුතු  සම්බන්ධීකරණය   ලුනුගම්වෙහෙර ප්‍ර්‍රදේශීය ලේකම් සිදු  කරයි.  

ලුනුගම්වෙහෙර සහකාර ප්‍ර්‍රදේශීය ලේකම් , හම්බන්තොට ගොව්ජන සේවා සහකාර කොමසාරිස් , කෘෂිකර්ම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගොවි සංවිධාන  නියෝජිතයින්තයින් , වී මෝල් හිම්කරුවන් ඇතුළු ව්ශාල පිරිසක් මෙම කටයුත්ත සාර්ථකව ආරම්භ කිරීමට දායකත්වය ලබා දී තිබේ. 

දිස්ත්‍රික්කයේ වී මිල අඩුවීමට ඉඩ නොදී මිල පාලනය කරම්න් ගොව්ජනතාවට සාධාරණ මිලක් ලබාදීමට සියලු දෙනා ඉදිරි සති කීපයේ මේ සඳඳහා පූර්ණ අවධානය යොමුකිරීමට කටයුතු සංවිධානය කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරය වැඩිදුරටත් සඳහන් කරයි.