Friday, April 26, 2024
Follow Us
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් නැහැ

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බවත් දැනට පවතින මිල තව දුරටත් පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පැවසයි.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යෑම මත ගෑස් මිල සූත්‍රය අනුව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද ඩොලරයේ අගය පහත බැසීමේ වාසිය ජනතාවට දෙමින් ගෑස් මිල ඉහළ නොදමන බව සභාපතිවරයා සඳහන් කරයි.

ඒ් අනුව ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 4,743 ක ද, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,904 ක ද, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 883 ක ද, කොළඹ මිල තව දුරටත් පවතී.