Wednesday, January 14, 2026
Follow Us
පොලී ඉහළ දැමීම ගැන IMF ප්‍රශංසා

මහ බැංකුව පොලී අනුපාතික ඉහළ නැංවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාවට ලක්කර තිබේ.

ශ්‍රී ලංකා රජය බැංකු පොලී අනුපාතය යළි ඉහළ දැමීම මේ මොහොතේ ගත යුතුව තිබූ ක්‍රියාමාර්ගයක් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

ඔවුන් සඳහන් කළේ මෙරට උද්ධමනය පාලනය සඳහා ගෙන යන වැඩසටහනට එය මහත් රුකුළක් වනු ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා රජය උද්ධමන පාලනය කිරීම සඳහා ගෙන යන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැසසුමට ලක් කර තිබේ.

Aruna