Wednesday, January 14, 2026
Follow Us

අදානී සමුහය විසින් මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 500ක පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහි මෙතෙක් ඇති කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් මෙරටට පැමිණ සිටින එම සමුහයේ නිලධාරීන් සහ විදුලිබල අමාත්‍යංශයේ, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිළධාරීන් සමගයි මෙම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ .

මෙම ව්‍යපෘතිය 2024 දෙසැම්බර් මස වන විට අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම පිළිබඳව අවශ්‍ය වැඩපිළිවෙළ මෙහිදී සාකච්ඡාවට ලක් විය.