රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වාහන 239ක් ආනයනය කර ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2021 වසරේ දී අවසන් වරට ආනයනය කර ඇත්තේ ද ජල ප්‍රවාහන බවුසර්, ගිලන් රථ සහ වන ජීවී සංරක්ෂණය වෙනුවෙන් ඩබල් කැබ් පමණක් බවයි. එම වසරෙන් පසු මෙතෙක් කිසිදු වාහනයක් ආනයනය කිරීමට කිසිදු අවස්ථාවක කතා බහක් හෝ ඇති කරගෙන නැතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යාංශය මෙම අර්බුදකාරී අවස්ථාවේ දැඩි මූල්‍ය කළමනාකරණයක් සිදු කරමින් සිටින බවයි.
මැතිවරණයක් පැවැත්වීමට මුදල් නැති බව කියන මේ අවස්ථාවේ දී මෙවැනි රථ වාහන ආනයනයක් සිදු කර ඇති බවටත්, එම වාහන වරායේ ගාල් කර ඇති බවටත් විපක්ෂයේ මන්ත්‍රීවරයකු එල්ල කර ඇති චෝදනාවට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.