Wednesday, January 14, 2026
Follow Us
ජනවාරී සිට සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලය තුළ දිවයිනට සංචාරකයින් 157,230ක් දිවයිනට පැමිණ තිබේ.

එය පසුගිය වසරේ මෙම කාල සීමාව හා සැසදීමේ දී වර්ධනයක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.

ඒ අනුව, එම කාලසීමාවේදී දිනකට සංචාරකයින්ගේ පැමිණීමේ සාමාන්‍ය 3906ක්.

රුසියාව, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් වැඩි සංචාරකයින් සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබීම විශේෂත්වයක්.