Saturday, April 25, 2026
Follow Us
බත් පැකට්, කොත්තු, බේකරි කෑම මිල වැඩි වෙයි

අද (16) මධ්‍යම රාත්‍රියේ සිට බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල වැඩිකිරීමට තීරණය කර තිබේ.

විදුලි ගාස්තු වැඩිකිරීම හේතුවෙන් මිල 10%කින් වැඩි කෙරෙන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මෙම මිල වැඩි වීම හේතුවෙන් බේකරි කෑම වර්ගවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසා තිබෙන්නේ.