Wednesday, January 14, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට චීනය සූදානම් වෙයි 

ශ‍්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම සඳහා ඇති අවස්ථා සොයා බැලීම අරමුණු කර ගනිමින්  චීන රජයේ විශාල නියෝජිතයින් පිරිසක් ලබන මස ශ්‍රී ලංකාවට පැමිණීමේ සූදානමක් පවතින  බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් පවසයි.

දෙරට මිත්‍රත්වය පළුදු වන ආකාරයේ යම් යම් හානි බාහිර පාර්ශයන් විසින් සිදු කළ ද දෙරට මිත්‍රත්වයට එවැනි කිසිදු දෙයක් සිදු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් තානාපතිවරයා සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ චීන රජය සහ එහි අනෙකුත් ආයතන සියල්ල ශ‍්‍රී ලංකාවට සහය වීමට සූදානම් බවයි.

චීන රජය මෙන්ම ප‍්‍රාදේශීය රජයන් සහ සමාගම් මෙරට නව ආයෝජන සිදුකිරීම ගැන සොයා බැලීමට සූදානමින් සිටින බව  චී ෂෙන්හොන් මහතා වැඩිදුරටත් පැවසීය.