Wednesday, January 14, 2026
Follow Us
බේරේ වැව සංචාරක කලාපයක් කිරීමට සොයා බැලේ

බේරේ වැවේ ස්වාභාවික සෞන්දර්ය රැකෙන පරිදි සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, බස්නාහිර පළාත් සංචාරක අමාත්‍යාංශය, කොළඹ මහා නගර සභාව යන ආයතන එක්ව සාකච්ඡා ආරම්භ කර ඇත.

ඒ අනුව බේරේ වැව සංචාරක කලාපයක් බවට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජි. විජේසිරි මහතා ඊයේ (09) නිරීක්ෂණ චාරිකාවක යෙදුණි. එහිදී සංචාරක කලාපයක් බවට පත්කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, වැව් ඉවුර සංරක්ෂණය කිරීම වැනි කරුණු පිළිබඳව අවධානය යොමුවිය.