Wednesday, January 14, 2026
Follow Us
අතිදුෂ්කර මූල්‍ය තත්ත්වය තුළ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පමණයි

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3%ක් තරම් පහත අගයකට පැමිණ තිබෙන බව රජය පෙන්වා දෙයි.

එම තත්ත්වය යහපත් වන තෙක් මහජන සේවාවන් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතු පුනරාවර්තන වියදම් සඳහා පමණක් අක්මුදල් නිදහස් කිරීම  සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස භාණ්ඩාගාර ලේකම් වෙත උපදෙස් දීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත