Wednesday, January 14, 2026
Follow Us
ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රී සිට ඉහළ යයි 

ලිට්‍රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා පවසයි. 

ඒ් අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334කින් ඉහළ දමා තිබේ.  

එම මිල ඉහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,743ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 134කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,904කි. 

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 61කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 883ක් වේ.