Wednesday, January 14, 2026
Follow Us
මුදල් ලබා නොදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනඒමේ සූදානමක් නැහැ

මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් 08 වෙනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිදු සූදානමක් නැති බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  පවසයි.

සති අන්ත පුවත්පත් කිහිපයක ප්‍රධාන පුවත් සිරස්තල ලෙස වාර්තා කර තිබූ ආකාරයෙන් මැතිවරණය සඳහා මුදල් ලබා නොදීමේ යෝජනාවක් හෝ මුදල් නොමැති බව දන්වා සිටීමේ කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (05) රුවන්වැල්ල පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසූයේ එවැනි සූදානමක් නැතත් භාණ්ඩාගාරය ඉහළ කළමණාකාරීත්වයකින් පවත්වාගෙන යෑමට කටයුතු කරමින් සිටින බවයි.