Wednesday, April 24, 2024
Follow Us
2023 යල කන්නයට අවශ්‍ය යුරියා පොහොරවලට රු. බි. 10ක්

2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

මේ වනවිටත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම්වලට අයත් ගබඩා සතුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් තිබේ. ඊට අමතරව තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීමට කටයුතු යොදා ඇත.


එම යුරියා පොහොර තොගවලට අමතරව තවත් යුරියා මෙට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීම සඳහා මෙම රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට තීරණය කළේය.


යුරියා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වා ගැනීම මගින් යල කන්නයේ වී වගාව, බඩඉරිගු වගාව මෙන්ම අනිකුත් බෝග වගාවන් සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබාදීම මෙහි අරමුණ බව ද අමාත්‍යවරයා පැහැදිළි කළේය.