Wednesday, May 08, 2024
Follow Us
IMF හැර වෙන විකල්පයක් නැහැ

වර්තමානයේ මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් මිඳීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හැර හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, රටේ වත්මන් ආර්ථික වාතාවරණය සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ වසර තුළ 3.5ක සෘණ ආර්ථිකයක් වාර්තා වුවත් 2024 වසරේ දී ධන ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

බදු ප්‍රමාණයේ යම් වැඩිවීමට ඇති බව පිළිගන්නා කරුණක් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා රටේ බදු ආදයම බිලියන 1,800ක් වන අතර පාඩු ලබන ආයතනවල අලාභය බිලියන 950ක් වන බව ද සඳහන් කළේය. ඒ මහතා ප්‍රකාශ කළේ ආදායමෙන් භාගයක් යොදවා තිබෙන්නේ පාඩු ලබන ආයතන නඩත්තු කිරීමට බවයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 619ක් අලාභයි, ශ්‍රීලන්කන් ගුවන් සේවය බිලියන 129ක්, ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 151ක්, යන කරුණු අනුව ප්‍රතිව්‍යුහගතකරණය කියන කාරණය අවශ්‍යයද නැද්ද කියන එක ඉතාම පැහැදිලි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.