Wednesday, January 14, 2026
Follow Us
ආනයනික  ඉරිඟුවලට විශේෂ බද්දක් 

සත්ත්ව ආහාර නිෂ්පාදන කාර්යය සඳහා ආනයනය කළ බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි. 

ජනවාරි මස 15 වන දින හෝ ඊට පෙර ආනයනනය කරන ලද බඩ ඉරිඟු සඳහා එම බද්ධ පනවා ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතා විසින් එම බද්ධ පනවා තිබේ.

ජනවාරි මස 26 වන දින සිට පෙබරවාරි මස 25 වන දින දක්වා කාලය සඳහා මෙම විශේෂ වෙළද භාණ්ඩ බද්ධ වලංගු බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

 ARUNA