Wednesday, January 14, 2026
Follow Us
ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහයෝගය

ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය මුදල් අමාත්‍ය මසාටෝ කනිඩා පවසයි.

 රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මැදි ආදායම්ලාභී රටවල ණය අර්බුදයට ජාත්‍යන්තර විසඳුමක් හිමිවිය යුතු බවයි.

 එවැනි ක්‍රියාමාර්ග සඳහා පැරිස් සමාජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ජාත්‍යන්තර සංවිධාන සමඟ ජපානය සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන බව ද මසාටෝ කනිඩා සඳහන් කර තිබේ.