Wednesday, January 14, 2026
Follow Us
අල, ළුෑණු, සීනි තොග මිල පහළට

පිටකොටුව තොග වෙළඳපොලේ ආනයනික රට ළුෑණු සහ අර්තාපල්වල තොග මිල පහළ ගොස් තිබේ.

ආනයන රටළුෑණු කිලෝවක නව තොග මිල රුපියල් 130ක් බව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ආනයනික අර්තාපල් කිලෝවක නව තොග මිල වන්නේ රුපියල් 100කි.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ ආනයනික රට ළුෑණු කිලෝවක් රුපියල් 50කින් සහ ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 80ත් 100ත් අතර මිලකින් පහත වැටී ඇති බවයි.

මේ අතර ආනයනික සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 205ක් දක්වා පහළ ගොස් තිබේ.

ARUNA