Saturday, April 25, 2026
Follow Us
චීන බැංකුවකින් ලංකාවට සහනයක්

ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහනයක් ලබාදෙන බවට චීන අපනයන-ආනයන බැංකුව ලිපියකින් දැනුම් දී තිබේ.

එහි දැක්වෙන්නේ වසර දෙකක් සඳහා ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබාදෙන බවය.

එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය සහනය ලබාගැනීමට ද ඔවුන් මෙරටට අවශ්‍ය සහාය ලබාදෙන බව පවසා ඇත.

 

ARUNA