Saturday, April 25, 2026
Follow Us
අපනයන හා ආයෝජන ප්‍රවර්ධනය නියෝජිතායතනයක්

ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට නව නියෝජිතායතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.

එම නියෝජිතායතනය ස්ථාපිත කිරීම සඳහා වන කාර්යභාරය කළමනාකරණ කිරීමට සහ මඟ පෙන්වීම සඳහා අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

එකිනෙකට අනුගත වූ හා ඒකාබද්ධ ප්‍රවේශයකින් ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා තනි ආයතනයක් ස්ථාපිත කිරීමේ යෝජනාව 2023 අයවැය යෝජනා මඟින් ඉදිරිපත් කෙරිණි.