Saturday, April 25, 2026
Follow Us
 IMF සහ සුරාබදු නිලධාරීන් අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් හා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍යංශයේදීයි.

එම සාකච්ඡාවේදී  සිය බදු ව්‍යුහය, බදු ප්‍රමාණයන් පිළිබද පවතින ඉලක්කයන්, ඊට ළඟා වීමේදී මුහුණ දෙන දුෂ්කරතාවන් ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ අවදානයට ලක් කළ බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරීම් හා ආදායම් මෙහෙයුම් අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පැවසුවේ. 

Neth