Tuesday, January 13, 2026
Follow Us
නොවැම්බරයේ උද්ධමනය පහළට

පසුගිය නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය සියයට 65ක් දක්වා අඩු වී ඇති බව ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඔක්තොම්බර් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සියයට 70යි දශම 6ක් ලෙස පැවති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නොවැම්බර් මාසයේ මෙරට ආහාර උද්ධමනයද සියයට 69යි දශම 8 ක් දක්වා අඩු වී තිබෙනවා. ඔක්තොම්බර් මාසයේ ආහාර උද්ධමනය සියයට 80යි දශම 9ක් ලෙස පැවති බවයි ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Neth