Saturday, April 25, 2026
Follow Us
මහ බැංකුව යන්නේ පරණ පාරේද? කබ්රාල්ගේ චෝදනාවට විද්වතෙකුගේ පිළිතුරු

ශ්‍රී ලංකා මහ බැංකුව දැනට පවත්වාගෙන යන විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පැවතුන ද එය මීට පෙර මෙන් බලහත්කාරයෙන් පවත්වාගෙන යන තත්ත්වයක් දැක ගත නොහැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසනවා.

මීට පෙර ක්‍රියාත්මක කළ මූල්‍ය ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් වර්තමානයේ ද ක්‍රියාත්මක කරන බවට ඇතැමුන් මහ බැංකුවට එල්ල කරන චෝදනා පිළිගත නොහැකි බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමදී ආචාර්ය ප්‍රියංග දුණුසිංහ කියා සිටියේ.

Neth