Tuesday, January 13, 2026
Follow Us
අයවැය හිඟය නිසා 2023 ත් අවදානම් - ආර්ථික විශ්ලේෂකයෙක් කියයි

ලබන වසරේ ද මෙරට ආර්ථිකය නිවැරදි දිශාවකට යොමු වෙතැයි අපේක්ෂා කළ නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

අයවැය හිගය හේතුවෙන් රජයේ ණයබර තවදුරටත් වැඩිවීම ඊට ප්‍රධානතම හේතුව බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් ලබන වසර වනවිට මෙරට කෘෂිකර්මාන්තයේ යම් ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ වැඩිදුරටත් සඳහන් කළා.

Neth