Tuesday, January 13, 2026
Follow Us
ලබන වසරේ ආර්ථිකය මෙහෙයවීමට දෛනිකව ණයට ගත යුතු මුදල බිලියන 13 පනී

රටේ ආර්ථිකය මෙහෙයවීමට ලබන වසරේ රුපියල් බිලියන 13යි දශම 6කට අධික ණය මුදලක් දෛනිකව ලබාගැනීමට සිදුවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

එහෙත් එලෙස ණය ලබාගෙන රටේ ආර්ථිකය මෙහෙයවීමට නොහැකි බවයි නෙත් නිවුස් කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ.

රට නිවැරදි දිසාවට යොමු කිරීමට නම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මෙන්ම මධ්‍යම බැංකුවේ මූල්‍ය පාලන ප්‍රතිපත්තිය ද එකිනෙකට ගැළපෙන ආකාරයට මෙහෙයවිය යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

Neth