Monday, January 12, 2026
Follow Us
ෆිච් රේටිංස් ලංකා බැංකුවේ ශ්‍රේණිගත කිරීම් ‘RESTRICTED DEFAULT’ දක්වා පහත හෙළයි !

ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය ලංකා බැංකුවේ විදේශ විනිමය ශ්‍රේණිගත කිරීම් CC සිට ‘Restricted Default’ හෙවත් RD දක්වා පහත හෙළා තිබේ.

ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයන කිරීමේදී ණයවර ලිපි සඳහා ජාත්‍යන්තරය හමුවේ ඉහළම කීර්තියක් ඉසිළූ දේශීය බැංකුව වූයේ ලංකා බැංකුවයි. ජාතියේ මහා පහන් ටැඹ යනුවෙන් සාඩම්බරයෙන් හැඳින්වූ ලංකා බැංකුවට මෙම ඉරණම අත්වන්නේ විදේශ ණය නොගෙවා පැහැර හැරීමට ශ්‍රී ලංකා මහබැංකුව ගත් තීරණයෙන් පසු ය.

LNW