Sunday, April 26, 2026
Follow Us
ළඟ තබාගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය අඩු කරයි

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්


විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි මහ බැංකුව විසින් සංශෝධනය කර තිබේ.

ඒ අනුව මෙරට සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට තම සන්තකයේ තබා ගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ඇ.ඩො. 15,000 සිට 10,000 හෝ ඊට සමාන වෙනත් විදේශ විනිමය ප්‍රමාණයක් දක්වා අඩුකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Aruna