Thursday, January 08, 2026
Follow Us
රත්තරන් තවත් උඩ යයි

අහස උසට යන රන් මිල


ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට කැරට් 24 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂය ඉක්මවා තිබෙනවා.

කොළඹ හෙට්ටිවීථියේ රන් ආභරණ වෙළඳසැල්වල මෙම මිල ගණන් වාර්තා වන අතර, කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ අනුදහස ඉක්මවා තිබීමද විශේෂත්වයක්.

එසේම,වෙළඳසැල් හිමියන් පෙන්වා දෙන්නේ පාරිභෝගිකයින් තමන්ගේ පැරණි රන් භාණ්ඩ ලබාදී එම භාණ්ඩවලින් අලුත් රන් ආභරණ නිමවා ගන්නා බවයි. හෙට්ටිවීථියේ රන් ආභරණ වෙළඳසැල් ආශ්‍රිතව රන් හිඟයක්ද ඇති බව වාර්තා වනවා.

(Aruna)