Wednesday, August 26, 2026
Follow Us
වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට නවසීලන්තය සූදානම් වෙයි
වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්ය භාවිත කිරීම තහනම් කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නවසීලන්ත රජය සූදානම් වන බව එරට අග්රාමාත්ය ක්රිස්ටෝපර් ලක්සන් පවසා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
අදාළ නීති උල්ලංඝනය කරන සමාජ මාධ්ය වේදිකාවලට එම සමාගම්වල ගෝලීය ආදායමෙන් සියයට 10ක් දක්වා දඩ මුදලක් පැනවීමට ද මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබෙන බව වාර්තා වෙයි.
නව නීතිය යටතේ සමාජ මාධ්ය වේදිකා විසින් පරිශීලකයින්ගේ වයස තහවුරු කිරීම සඳහා සාධාරණ පියවර ගැනීමට සිදුවන බවත් ඒ සඳහා දැනට පවතින ගිණුම් තොරතුරු, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහ ඩිජිටල් අනන්යතා ලේඛන වැනි ක්රම භාවිත කළ හැකි බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.