Monday, May 06, 2024
Follow Us
ඩොලරය රු. 300 පනී?

ඇ. ඩොලරයට වෙන්න යන දේ ආර්ථික විශ්ලේෂකයෝ කියයි


මේ වන විට රුපියල් 300 දක්වා ගමන් කර ඇති ඇමරිකානු ඩොලරයේ අගය තව දුරටත් විශාල ලෙස අවප්‍රමාණ නොවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඩොලරය රුපියල් 400 පමණ දක්වා අවප්‍රමාණ වනු ඇතැයි ඇතැමුන් අනාවැකි පළ කළද, ඉදිරි මාස කිහිපය ඇතුළත ඩොලරය රුපියල් 300 සීමාවේ රැඳී තිබීමට ඉඩකඩ වැඩිබව ඔවුන්ගේ අදහසයි. මේ සම්බන්ධයෙන් ‘අරුණ’ට අදහස් පලකළ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වාදෙනු ලැබුවේ මහ බැංකුව රුපියල් 203ක මට්ටමේ බලහත්කාරයෙන් රඳවාගෙන පැවති ඩොලරය, වෙළෙඳපොළට අනුකූලව මිල තීරණය වීමට ඉඩහැරීමෙන් අනතුරුව රුපියල් 300ක් පමණ දක්වා අවප්‍රමාණ වනු ඇතැයි අපේක්ෂා කළද, එය මෙතරම් ඉක්මනින් සිදුවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අපේක්ෂා නොකළ බවයි.

(Aruna)