Wednesday, September 17, 2025
Follow Us
ඩොලරය රුපියල් 300 ට ලං වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට 300 යේ සීමාවට ලංවී තිබෙනවා. ඒ, ඩොලරයේ අගය අද රුපියල් 295 ක් දක්වා ඉහළ යාමත් සමඟයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක්ම අද දිනයේ අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 295 ක් ලෙස දක්වා තිබුණා. කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ විකුණුම් අගය ලෙස අද දක්වා ඇත්තේ රුපියල් 289.99 ක් ලෙසයි.

ආර්ථික විශ්ලේෂකයින් පැවසුවේ සීමිත දින ගණනක් තුළ ඩොලරය රුපියල් 5 කින් ඉහළ ගිය බවයි. ඩොලරය පාවීමට ඉඩ හැරීමත් සමඟ ඉතා කෙටි කාලයක් තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීඝ්‍රයෙන් ඉහළ ගියා.

(Neth)