Wednesday, January 07, 2026
Follow Us
රටේ බැංකු පද්ධතිය ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රාජ්‍ය බැංකුවල කටයුතු කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේ මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවතින බවයි.

ඒ බව මහජනයාට වගකීමෙන් යුතුව දැනුම්දෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

(Neth)