Monday, May 06, 2024
Follow Us
රටේ බැංකු පද්ධතිය ස්ථාවරයි – ශ්‍රී ලංකා මහ බැංකුව

රජයේ බැංකුවක් ඩිෆොල්ට් කරලා තියෙනවා – හර්ෂ ද සිල්වා


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය බැංකුවල කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් මහ බැංකුව සදහන් කර ඇත්තේ රාජ්‍ය බැංකුවල කටයුතු කිසිදු ගැටළුවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවතින බවයි.

කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසුවේ රජයේ බැංකුවක් විදේශීය අතමාරු ණයක් ගෙවීම ප්‍රමාදවීමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

එය සත්‍යය සිදුවීමක් නම් එය ඉතා කණගාටුදායක බවත්, විශාල ව්‍යසනයක ආරම්භයක් බව ද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දැන් නොයෙකුත් කට්ටිය දැන් නොයෙකුත් දේවල් කියනවා. අපිට ආරංචි වෙලා තියෙනවා දැන් රජයේ බැංකුවක් ඩිෆොල්ට් කරලා තියෙනවා කියලා අද උදේ. කරුණාකරලා වහාම මේ ගැන හොයලා බලන්න.

(Aruna)