Monday, February 09, 2026
Follow Us
රුපියල් 20ක වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක්

රුපියල් 20ක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් නිකුත් කර තිබෙනවා. එය නිකුත් කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනයට වසර 150ක් පිරීම නිමිත්තෙන්.

ජනාධිපති කාර්යාලයේදී එම සමරු කාසි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත 21 පිළිගන්වා තිබෙනවා.

ඒ, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා එල්. විජේරත්න සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර විසින්. මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු නිළධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

(Neth)