Monday, February 09, 2026
Follow Us
මහ බැංකුව මැදිහත් නොවුනහොත් දෙසතියකින් ඩොලරයේ අගය ස්ථාවර වනු ඇති බවට පුරෝකථනයක්

මහ බැංකුවේ මැදිහත්වීමකින් තොරව රුපියලේ අගය අඛණ්ඩව නිදහසේ තීරණය වීමට ඉඩලබා දුනහොත් පවතින ඩොලර් අර්බුදය යම් ආකාරයකින් සමනය වනු ඇති බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන පවසනවා.

එලෙස විනිමය අනුපාත නිදහසේ තීරණය වීමට අඛණ්ඩව අවස්ථාව හිමිවුවහොත් පවතින අවිධිමත් විදේශ මුදල් වෙළඳපල ගනුදෙනු සීමාවනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙම තත්ත්වය සති 02 ක පමණ කාලයක් පවත්වාගෙන ගියහොත් ඩොලරයේ අගය ක්‍රමානුකූලව පහත බැස ස්ථාවර වනු ඇති බවයි ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

(Neth)