Monday, February 09, 2026
Follow Us
රුපියල පා කළ හේතු ගැන මහ බැංකු අධිපති කතා කරයි - අභියෝගාත්මක අවස්ථාවලදී ප්‍රතිතීරණ

වඩාත් නම්‍යශිලී විනිමය ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කළේ දිගු කාලීන ආර්ථික ස්ථායීතාවය රැකගැනීමේ අරමුණින් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. රුපියල පා කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.

රුපියල පා කිරීම හේතුවෙන් මතුවන අභියෝගාත්මක කටයුතුවලට අවශ්‍ය ප්‍රතිතීරණ ගැනීමට ද මහ බැංකුව සූදානම් බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)