Monday, February 09, 2026
Follow Us
රන් මිලෙහි වෙනසක්

හෙට්ටිවීදියේ රන් මිල ගණන් මෙන්න


ආසියානු වෙළෙදපොළේ රන් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ.

ඒ, රුසියානු – යුක්‍රේන යුද වාතාවරණය හේතුවෙනි.

ඒ අනුව ආසියානු වෙළෙදපොලේ රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 2000.86ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් මෙරට වෙළඳපොළේ රන් මිලද ඉහළගොස් තිබේ.

මෙරට රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන් වලට අනුව කැරට් 22 රන් පවුමක මිල මේ වන විට රුපියල් 122,100ක් ලෙස ඉහළ ගොස් ඇත.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල 132,000ක් ලෙස දැක්වේ.

2022 වසර ආරම්භයේදී හෙට්ටිවීදියේ කැරට් 22 රන් පවුමක මිල මේ වනවිට සටහන් ව ඇත්තේ රුපියල් 112,900ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල 122,000ක් ලෙස දැක්වෙයි.

(Aruna)