Monday, February 09, 2026
Follow Us
පොලිය ඉහළට

මහ බැංකුවෙන් දැඩි තීරණයක්


ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට 03වනදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය(SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා ඉහළ නංවා ඇත.

මේ අතර බැංකු අනුපාතිකය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සමඟ ස්වයංක්‍රීයවම ගැළපුම් කරමින් සියයට 10.50 ක් දක්වා වැඩිවනු ඇත.

කෙසේවෙතත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

මහ බැංකුව විසින් ගනු ලැබූ මෙම තීරණය ‘‘සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්“ ලෙසින් හැඳින්වේ.

(Aruna)