Monday, February 09, 2026
Follow Us
තෙල් සංස්ථාවට ණය දීම ගැන මහබැංකුවෙන් රාජ්‍ය බැංකුවලට උපදේශයක්

නියමිත ණය සීමාව ඉක්මවා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ණය නිකුත් නොකරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විසින් රාජ්‍ය බැංකු වෙත උපදෙස් ලබාදී තිබේ.

රාජ්‍ය බැංකුවල ස්ථාවරභාවය ආරක්ෂා කරගැනීම සඳහා මෙම පියවර ගත් බවයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

විශේෂයෙන්ම පසුගිය කාල සීමාව තුළ ලබාගත් ණයවලින් සැලකිය යුතු ප්‍රමාණයක් නොපියවීම සහ තෙල් සංස්ථාවේ පවතින මූල්‍යමය තත්වය සලකා බලා මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

එමෙන්ම විශාල වශයෙන් පාඩු ලබන සෙසු රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ද මෙම ක්‍රියාමාර්ගයම අනුගමනය කරන ලෙසත් මහබැංකුව රාජ්‍ය බැංකුවලට උපදෙස් ලබාදී ඇත.

(LNW)