Monday, February 09, 2026
Follow Us
ණය ගැනීමේ සීමාවන් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි ආර්ථික විශ්ලේෂකයින් කියයි

විදෙස් ණය ලබාගැනීමේදී පවතින රජයන්ට සීමා පැනවිය යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ දැනට පවතින නීති අනුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන විදෙස් ණය ලබාගත හැකි බවයි.

එහෙත්, ඉන් අනතුරුව අවශ්‍යතාව පරිදි ලබාගන්නා විදෙස් ණය ප්‍රමාණය ඉහළ දමා ගත හැකි බවද ඔහු සදහන් කළා.

නව ව්‍යවස්ථාවෙන් හෝ විදෙස් ණය ලබාගැනීමේදී කොන්දේසි පැනවිය යුතු බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කළේ.

අමෙරිකානු ඩොලර් බිලියන 7 ක විදෙස් ණය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව මෙම වසර තුලදී ගෙවිය යුතු බව ද කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මෙහිදී සඳහන් කළා. එම ණය මුදලෙන් ගෙවීමට නියමිත තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ඉකුත්දා ගෙවා අවසන් කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)