Tuesday, September 16, 2025
Follow Us
පූජිත් ද නිදොස් කොට නිදහස්

කොළඹ මහාධිකරණය දුන් නියෝගය


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව එල්ල වී තිබූ සියලූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබීය.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

අධිචෝදනා 855 ක් යටතේ නීතිපතිවරයා පවරා තිබූ මෙම නඩුවෙන් පූජිත් ජයසුන්දර මහතා නිදහස් කෙරුනේ විත්තියේ සාක්කි කැඳවීමකින් ද තොරවයි.

නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුලු චෝදනා යටතේ පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව මෙම නඩුව ගොණු කර තිබිණි.

(Aruna)