Monday, February 09, 2026
Follow Us
ඉන්ධන මිල ඉහළ දමන්න තෙල් සංස්ථාවත් ඉල්ලයි

CPC තෙල් මිලත් වැඩිවෙයි ?


ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ද රජයට ඉල්ලීමක් කළ බව එහි සභාපති ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩී. සුමිත් විජේසිංහ මහතා පවසයි.

ලංකා IOC සමාගම ඉන්ධන මිල වැඩිකිරීමට ගත් තීරණයට සාපේක්ෂව මෙම ඉල්ලීම කළ බව ඔහු පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී.සුමිත් විජේසිංහ මහතා,

” ආනයන මිල සමග බලනකොට අපි ජනවාරි මාසය තුළ ඩීසල් ලීටරයකින් ලබලා තියෙන පාඩුව රුපියල් 32.5ක්. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 5කට ආසන්න අලාභයක් අපි ලැබුවා. අපි රජය දැනුවත් කරලා තියෙනවා. ඉන්ධන මිල ඉහළයෑමක් සංස්ථාව ඉල්ලලා තියෙන්නේ. “

(Aruna)